ඉස්සරහට විනීලට වඩා ගේමක් ගහන සෙට් එකක් - කුසල් මධුරංග (පාර දිගේ බංඩා)
මේ ළඟදි මම බස් එකේ යන ගමන් කම්මැලිකමට යූ ටියුබ් ඔන් කරගන කලපනා කලා.. අලුතෙන් කියල බලන්න ඇති දේකුත් නෑ.. ඔහොම ඉන්නකොට සජෙස්ට් වෙලා තිබුන වීඩියෝ එකක් මම නිකන් ප්ලේ කලා.. අපෝ ඒකත් කොමන් ජෝගියක්.. බලන්න දේකුත් නැති එකේ මම වීඩියෝ එක තව ඉස්සරහට බලනකොට මට තේරුනා මේකෙ පොඩි රිදම් එකක් තියනවා කියලා. ඉතිං මම වීඩියෝ එක ටිකක් අවධානෙන් බලාගන හිටියා. මං හිතන්නෙ මං බලපු සංකල්පනාත්මක වශයෙන් ඉහළින්ම තියෙන්න ඕනි වීඩියෝ එකක්. පටන් ගත්ත වෙලාවෙ ඉඳන් ඉවර වෙනකම්ම තියෙන්නෙ එකම තාලයක් එකම රිද්මයක්. ඒත් එක චුට්ටක්වත් බෝරින්ග් නැති වෙන්න උන් සෙට් එක සෑහෙන ගේමක් ගහලා තියනවා. මට හිතෙන විදියට මුං සෙට් එක අලුතෙන් ෆීල්ඩ් එකට බැහැපු සෙට් එකක්. ඒත් මන් දන්නව දවසක මුං ලංකාව හොල්ලනව. මේ විදියෙ සංකල්පයක් මීට කලින් මම යූටියුබ් එකේ දැකලා නෑ.. ඒක වෙනම රසයක්. හරි කොහොම හරි මට එච්චරටම වැදුන හින්දා මම උන්ගෙ වටපිටාව ගැන ටිකක් හොයලා බැලුවා.. ඇත්තටම මුන් ටික රත්නපුර පැත්තෙ ගමක කොල්ලො සෙට් එකක්. හැබැයි මුන්ගෙ තියන විශේෂත්වය තමයි අනිත් උන් වගේ අඬන්නෙ නෑ අපිට පහසුකම් මදි අරක මදි මේක මදි කියල. අනිත් එක දැනට ප්‍රසිද්ධ යූටුබර්ස්ලා පස්සෙ හිගකන්න යන්නෙත් නෑ.. මෙයාලගෙ දැක්මට අනුව මෙයාලා ෆෝකස් කරන්නෙ මාර්කට් එකේ එක නිච් එකක් විතරයි. එයාලගෙ අදහස හුදෙක් පොදු විකට කතා වලින් ඔබ්බට ගිහින් සමාජයට පණිවිඩයක් දෙන්න පුලුවන් නිර්මාණයක් බිහි කරන එක. මගෙ දැක්මට අනුව ඔවුන් දැනටමත් එහි පියවර රාශියක් ඉදිරියෙන් ඉන්නෙ. ඉතිං වැඩි කතා බහ නැතිව අපි යමු මේ කවුද කියල බලන්න.. ගොඩක් දෙනා මෙයාලව දන්නෙ නැතුව ඇති. මේ වගේ දක්ශයො උස්සලා තියන එක ඇත්තටම අපේ වගකීමක්.. ඉතිං අපි වීඩියෝ එක බලලා අයිඩියා එකක් ගමු. ඒත් එක්කම මුන්ට ඉස්සරහට යන්න සප් එකක් දෙමු.
මේ කතාව කිවුව මම...
කුසල් මධුරංග (පාර දිගේ බංඩා)
Comments